කොරෝනා අසාදනයෙන් රෝගියකු මියයයි. ජයවර්ධනපුර රෝහල වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරයි.


වයස අවුරුදු 80 ක් පමණ වන පිළියන්දල ප‍්‍රදේශයේ පදිංචි රෝගියෙකු දැනට දින කිහිපයකට පෙර ස්වශන රෝග ලක්‍ෂණ සහිතව ඇතුලත් කර ඇත. එම රෝගියා ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ වාට්ටු අංක 18 දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 27 වන දින සවස මියගොස් ඇත. මියයාමට පෙර එම රෝගියාගේ PCR පරීක්‍ෂණ සඳහා සාම්පල් ලබාගෙන ඇත. එම සාම්පල ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ රසායනාගාරයේදී පරීක්‍ෂා කර ඇති අතර එහිදී පරීක්‍ෂණය පොසිටිව් වී ඇති බවට ශ‍්‍රී ජයවර්ධනපුර රොහල වෙත දැනුම් දී ඇත. ඒ අනුව අදාල ප‍්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරින් විසින් කෝවිඩ්-19 මූලධර්ම වලට අනුකූලව ආදාහන කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබියදී එය රෝහල් කළමනාකාරිත්වය විසින් වළක්වා ඇති බවට වාර්තා වේ .

ඉන්පසවු ශ‍්‍රී ජයවර්ධනපුර රොහල් කළමනාකාරිත්වය විසින් එම මෘතදේහය කෝවිඩ්-19 මූලධර්ම වලට අනුව ආදාහන කටයුතු සිදුකරනවා වෙනුවට මෘතදේහයෙන් පෙනහළු වල සාම්පල ලබාගෙන පෙරේදා දිනයේදී (28 දින) අයි.ඩී.එච්. රෝහලේ රසායනාගාරය වෙත යවා ඇත. සාම්පල ලබාගන්නා මොහොත වනවිටත් කොරෝනා ආසාදිතයන් මියයන අය සඳහා පාවිච්චි කරන බෑගයකට දේහය බහා මෘතශරීරාගාරයේ තබා ඇත. පළමු පරීක්‍ෂණය පොසිටිව් බැවින් එම රෝගියා රෝහලට රැගෙන ආ පුද්ගලයන් සහ පවුලේ සමීප ඥාතින් නිරෝධායන ක‍්‍රියාවලියට යටත් කර ඇත. ඉන්පසුව ඊයේ දිනයේදී අයි.ඩී.එච්. රෝහලේ රසායනාගාරයෙන් කරන ලද පරීක්‍ෂණය නෙගටිව් වී ඇති බැවින් එම රෝගියාගේ මෘත දේහය ඥාතින් වෙත බාරදීම සඳහා රෝහල් කළමනාකාරිත්වය මේ වනවිට තීරණය කර ඇත.

‍ඒ අනුව එම රෝගියාගේ මෘතදේහය අද දින (30) ඥාතීන් බාරගෙන ආදාහන කටයුතු කිරීම සඳහා හෝමාගම ප‍්‍රදේශයේ නියඳගල කනත්ත වෙත සවස 5.00 ට රැගෙන යාමට මරණ පරීක්‍ෂකවරයා විසින් අවසර ලබාදී ඇති බවට ද තොරතුරු ඇත. මෙම රෝගියා එක්වරක් කෝවිඩ්-19 පී.සී.ආර්. පරීක්‍ෂණ පොසිටිව් වී තිබියදී ඒ අනුව කි‍්‍රයාකරනවා වෙනුවට මියගිය රෝගියාගෙන් සාම්පල් ලබාගෙන එම සාම්පලය නෙගටිව් පමණින් කෝවිඩ්-19 ආසාදනය වී නැතැයි උපකල්පනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදි කි‍්‍රයාවකි. එසේම ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කිරීමට ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ කළමනාකාරිත්වය ගෙන ඇති තීරණය බරපතල ගැටලූ සහගත තත්වයකි.

මේ පිලිබදව විශේෂ පරික්ෂනයක් සිදුකරන ලෙසත් ,කඩිනම් අවධානය යොමුකරන ලෙස සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය.සෞඛ්‍යය ඇමතිවරියගෙන් ඉල්ලීමක් කර ඇත. පහතින් දැක්වෙන්නේ එම ලිපියයි. 

 

 

 

 


Like it? Share with your friends!

What's Your Reaction?

Angry Angry
0
Angry
Like Like
0
Like
Dislike Dislike
0
Dislike
LOL LOL
0
LOL
Damn Damn
0
Damn
Cute Cute
0
Cute
OMG OMG
0
OMG
Win Win
0
Win
WTF WTF
0
WTF
WOW WOW
0
WOW
Vomit Vomit
0
Vomit
Sad Sad
0
Sad
Rolf Rolf
0
Rolf
Happy Happy
0
Happy
Yummy Yummy
0
Yummy
Administrator

0 Comments

Your email address will not be published. Required fields are marked *

Choose A Format
Personality quiz
Series of questions that intends to reveal something about the personality
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Countdown
The Classic Internet Countdowns
Open List
Submit your own item and vote up for the best submission
Ranked List
Upvote or downvote to decide the best list item
Meme
Upload your own images to make custom memes
Video
Youtube, Vimeo or Vine Embeds
Audio
Soundcloud or Mixcloud Embeds
Image
Photo or GIF
Gif
GIF format